Hello There!

Welcome to Viron Japan Academy

පුවත් සහ ලිපි

JFT ජපන් භාෂා විභාග මධ්‍යස්ථාන ධාරිතාව දෙගුණ වෙයි | Viron Japan Academy

ශ්‍රී ලංකාවේ JFT-Basic ජපන් භාෂා විභාග Prometric මධ්‍යස්ථානයේ ධාරිතාව 2026 නොවැම්බර් වන විට දෙගුණ කිරීමට පියවර. Viron Japan Academy ලැබූ තවත් විශිෂ්ට ජයග්‍රහණයක්.

ශ්‍රී ලංකාවේ JFT ජපන් භාෂා විභාග Prometric මධ්‍යස්ථානයේ ධාරිතාව දෙගුණ කිරීමට පියවර!
 

ජපන් රැකියා සිහිනය හඹා යන සමස්ත ශ්‍රී ලාංකේය දූ දරුවන්ට අතිශය සතුටුදායක පුවතක් ගෙන ඒමට Viron Japan Academy ආයතනය සමත් වී ඇත.
 

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන JFT (Japan Foundation Test for Basic Japanese) විභාගය සඳහා පෙනී සිටීමට ඇති Prometric මධ්‍යස්ථානයේ පවතින සීමිත ධාරිතාව හේතුවෙන් සිසුන් විශාල පිරිසකට විභාග දින වෙන්කරවා ගැනීමට නොහැකිව දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදු විය. විශේෂයෙන්ම Viron Japan Academy හි 2025 ජූලි සහ 2026 ජනවාරි කණ්ඩායම්වල සිසුන් 330 කට ආසන්න පිරිසකට මෙම ගැටලුවට මුහුණ දීමට සිදු විය.
 

මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදීමේ අරමුණින්, විභාග මධ්‍යස්ථානයේ ධාරිතාව වැඩි කිරීමට හෝ නව මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස 2026 ජනවාරි මාසයේ සිටම අප ආයතනය විසින් බලධාරීන්ගෙන් අඛණ්ඩව ඉල්ලීම් සිදු කරන ලදී.
 

එහි ප්‍රතිඵලයක් ලෙස, 2026 නොවැම්බර් මාසය වන විට Prometric විභාග මධ්‍යස්ථානයේ ධාරිතාව දෙගුණ කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවට නිල වශයෙන් තහවුරු කර ඇත. මෙය අප ආයතනයේ දරුවන්ට පමණක් නොව, ජපන් සිහිනය වෙනුවෙන් වෙහෙසෙන සමස්ත ශ්‍රී ලාංකේය සිසුන්ටම ලැබුණු විශාල සහනයකි.
 

මෙම අතිවිශේෂ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ අප ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ලෝරන්ජන් සුභාෂ් සේසිරි පෙරේරා මහතාටත්, ජපාන JASPA ආයතනයට, The Japan Foundation හි නියෝජිතයන්ට, Viron Japan Academy හි සියලුම ශාඛාවල ආදරණීය සිසුන්ට සහ මේ සඳහා හඬ නැගූ සියලුම පාර්ශවයන්ට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමු.
 

එක්ව නැගී සිටීමෙන් අපටත්, අනාගත පරපුරටත් වඩාත් පහසු සහ යහපත් හෙට දවසක් නිර්මාණය කළ හැකි බව අපි විශ්වාස කරමු.

Viron Japan Academy

Viron Japan Academy

Digital content wrangler I UX enthusiast I Recovering educator I
Shameless nerd &GIF connoisseur I Hockey fan.

WhatsApp වැට්